ලෝකයේ රටවල් 14ක් පුරා පැතිරී ඇති ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම වූ රසවත් අත්දැකීමක් ලබාදුන් කීර්තිමත් සම්මානලාභී අවන්හල් ජාලයක් වන Manhattan FISH MARKET සිය ශ්‍රී ලාංකීය හිමිකරු වන Everbright Holdings Limited සමග දශකයක සාඩම්බරත්වය සමරයි. මෙම සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා MFM වෙතින් sea-lebrations මෙන්ම විශේෂ ප්රතිලාභ වැඩසටහනක් දියත් කිරීමට නියමිතය.
MFM හුරුපුරුදු පාරිභෝගිකයන් ඉහළින්ම ඇගයීමට දශකයක් පුරාවට අමතක නොවන රස මවමින් උසස් මට්ටමේ මුහුදු ආහාරවල රස ශ්‍රී ලාංකිකයන්ට හුරු කිරීමට Manhattan FISH MARKET සමත්වනවා. මෙම වැඩසටහන හුරුපුරුදු පාරිභෝගිකයන්ගේ උපන්දින සහ වෙනත් විශේෂ දිනයන් Manhattan FISH MARKET හි සැමරීමට ප්රතිලාභ රැසක් ඔවුනට ලබාදෙනු ඇත.
මෙම සුවිශේෂ සන්ධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් Manhattan FISH MARKET ශ්‍රී ලංකාවෙහි කළමනාකාර අධ්යක්ෂ ෂෆ්රාස් අනීස් මෙසේ ප්‍රකාශ කළේය. ‘අපගේ 10 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේදී සාඩම්බරයෙන් සමරන අතර, අපගේ සේවාවේ අඛණ්ඩ වර්ධනයක් සහ වැඩිදියුණු කිරීමක් වෙනුවෙන් අපි තවදුරටත් ඇපකැප වන්නෙමු. මෙම සන්ධිස්ථානයට ළඟාවීමට වෙහෙස මහන්සි වූ අපගේ කණ්ඩායමට සහ අප කෙරහි විශ්වාසය තැබූ MFM ජාලය වෙතද මාගේ කෘතඥතාව පුද කරන්නෙමි. අපගේ ගමනට සහාය වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටද මගේ හදපිරි ස්තුතිය පුදකර සිටින අතර, MFM ප්රතිලාභ වැඩසටහන දියත් කිරීම මගින් අපගේ කෘතඥතාව තව තවත් ඔවුන්ට දනවන්න අපට හැකිවනු ඇත.’
ගෙවීගිය වසර දහය පුරාවටම පැමිණි සෑම පාරිභෝගිකයෙකුගේම රස අංකුර පිනවීමටත්, උසස්ම මට්ටමේ සංග්‍රහයක් කිරීමටත් Manhattan FISH MARKET සමත්වී ඇත. ඒ කාලය තුළ දී මෙනුව නවීකරණය කරමින් පාරිභෝගිකයන් කැමැති විවිධ වූ කෑම වර්ග හඳුන්වා දීමට MFM හට හැකිවීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. අපගේ මෙනුවට ඇතුළත් සම්මානලාභී ‘ෆිෂ් ඇන්ඩ් චිප්ස්’ මේ දශකය තුළ අප පාරිභෝගිකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් රස බැලූ තවත් එක් විශේෂ ආහාර වර්ගයකි.
– ප්‍රියන්ත හෙට්ටිගේ