බංග්ලාදේශය සමග පසුගියද පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියේ පුහුණු තරගයේදි සුළු අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. (Sri Lanka Latest News)
ඒ අනුව, ගැටලුවකින් තොරව කුසල් පෙරේරාට එක්දින ලෝක කුසලානයට තරග වැදිමට හැකිවනු ඇති.
මේ අතර අබාධයකට ලක්ව සිටි මහීෂ් තීක්ෂණ ද එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේ සිට ශ්රී ලංකා කණ්ඩායම සමග ක්රීඩා කරනු ඇති බව ද ක්රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්රී ලංකාව තරගාවලියේ සහභාගි වන දෙවන පුහුණු තරගය හෙට ඇෆ්ගනිස්තානය සමග පැවැත්වේ.
ceylonwire