යහගුණයට මුල්තැන දෙමින්, පරම්පරා රැසක ඉහළ විශ්වාසය දිනා ගනිමින්, වෙළෙඳපොළ ජයගැනීමට සමත් වූ මැලිබන් බිස්කට්ස්, අඛණ්ඩව 5 වැනි වරටත් මෙරට වඩාත්ම ආදරය දිනූ බිස්කට් සන්නාමය ලෙස ඇගයීමට පාත්ර විය.
තවද ප්රථම වරට, මෙරට වඩාත්ම ආදරය දිනූ සන්නාම (සියලුම කාණ්ඩවලට අයත්) අතුරින් ඉහළම සන්නාම 10 අතරට පැමිණීමටද මැලිබන් ආයතනය සමත් වීම සුවිශේෂ වූ කරුණකි.
මැලිබන්හි අතිවිශිෂ්ට ප්රමිතිය, සුරක්ෂිත බව සහ ඉහළ වටිනාකම් සහිත නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වාදීම මෙම ආයතනයේ සාර්ථකත්වයට වගේම ගෞරවනීයත්වයට පත්වීමට මෙන්ම ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ඇතිකර ගැනීමටද බෙහෙවින් ඉවහල් වී ඇත.
තවද එමගින් මැලිබන් ආයතනය සිය පාරිභෝගික ජනතාවගේ තෘප්තිය කෙරෙහි විසල් අවධානයක් යොමු කර ඇති අතර, පරිසරය හා සමාජය කෙරෙහි වගකීම් සහගත ලෙස කටයුතු කිරීම, සේවක තෘප්තිය සහතික කිරීම සහ තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලු දෙනාට ඉහළම වටිනාකම් තිළිණ කිරීම සඳහා ඔවුන්ගේ නිරන්තර කැපවීම, මෙම සමස්ත ජයග්රහණයන්ගේ පසුපස ඇති ප්රබලම සාධක බවට පත්ව ඇත.