ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රීී ලංකාවට පැමිණියේය.
මෙම දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.15ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.
ජෛව ආරක්ෂක බුබුලක් ලෙස මෙම ක්‍රිකට් තරග සංචාරය තුළ මෙම ක්‍රීඩකයන් කටයුතු කිරීමට නියමිතය.










