Mahindra & Mahindra Ltd (M&M) සහ අයිඩියල් මෝටර්ස් සහයෝගීතාවයෙන් බිහිවූ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1000 වැනි KUV100 NXT මෝටර් රථය පසුගියදා කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය.
KUV100 NXT යනු SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි සාඩම්බර පෙනුමකින් යුතු ආකර්ෂණීය මෝටර් රථයකි. 30%ක දේශීය කොටස් එකතු කරමින් ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වන මෙම මෝටර් රථ මාදිලිය අයිඩියල් සහ M&M සමූහයේ හවුල්කාරීත්වය යටතේ ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ අංගණයේදී සම්පූර්ණයෙන්ම එකලස් කොට ඇත.
KUV100 මුල් වරට මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වසරේ මුල් භාගයේ වන අතර වසංගත සමය නිසා පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඉතා අවම මට්ටමක පැවැති සමයක් විය. එනමුත් සෑම විටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සමාගමක් ලෙස දීපව්‍යාප්ත සේවා හා අමතර කොටස් ජාලය මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක අලෙවියෙන් පසු කඩිනම් සේවාව යන අංශ කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කිරීමට අපට හැකි විය.
කෝවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළෙඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී KUV100 මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබූ බව දක්නට ලැබුණි. මේ හේතුවෙන් මහේන්ද්‍රා අයිඩියල් ලංකා සමාගම (MILPL) මේ වන විට ඉහළ යන වෙළෙඳපොළ අවශ්‍යාතවට සරිලන පරිදි මෙම මාදිලියේ නිෂ්පාදන ධාරිතාවද පුළුල් කොට ඇත.











