වසර 115ක් පුරා සිය පාර්ශ්වකරුවන් සමග සිටින සමාගමක් වශයෙන්, නෙස්ලේ ලංකා සමාගම තම වටිනාකම් දාමයේ පාර්ශ්වකරුවන් වෙත සිය ආහාරපාන නිෂ්පාදන බෙදාහැරීමට පසුගියදා කටයුතු කළේය.
ඉකුත් ජුනි මාසයේදී ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ හරහා, පවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ එම පාර්ශ්වකරුවන්ට සහාය වීම අපේක්ෂා කරන අතර, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නෙස්ලේ කාර්යමණ්ඩල සාමාජිකයන් හරහා මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. තවද, මෙය පෙරළා ශ්‍රී ලංකාවට සහාය වීමට සමාගම ගන්නා වෑයමෙහි දිගුවක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙහි පළමු අදියර හරහා කොළඹ ප්‍රධාන කාර්යාලය, කුරුණෑගල කර්මාන්තශාලාව සහ බෙදාහැරීම් මධ්‍යස්ථානය ආශ්‍රිත සමාගමේ වටිනාකම් දාමයේ පාර්ශ්වකරුවන්ගේ කාර්යමණ්ඩලය මෙන්ම සමාගමේ වෙළෙඳ බලකාය ද ඇතුළු 3,500කට වැඩි පිරිසකට මාස තුනක් පුරා අඛණ්ඩ ‘Nestlé Care Packages’ බෙදාහරින ලදී. අගෝස්තු මාසයේදී මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින්, දෙවැනි අදියර වශයෙන් නෙස්ලේ ලංකා සමාගමේ කිරි සැපයුම් ජාලයේ පාර්ශ්වකරුවන් 240කට වැඩි පිරිසකට ද මෙසේ නෙස්ලේ නිෂ්පාදන බෙදාහැරීමට කටයුතු සම්පාදනය කෙරිණි. පාරිභෝගිකයන්ගේ ආදරය දිනාගත් නෙස්ලේ නිෂ්පාදන රැසක් මෙම ‘Nestlé Care Packages’ සඳහා එක් කෙරුණු අතර, ශ්‍රී ලාංකික ආහාර වේලේ ඌණව පවතින ක්ෂුද්‍ර පෝෂකවලින් සරුකර ඇති නිෂ්පාදන (උදා- යකඩ සහ විටමින් ඩීවලින් සරුකර ඇති නෙස්ලේ නෙස්ටොමෝල්ට් සහ යකඩවලින් සරුකර ඇති නෙස්ලේ මැගී රසමුසු) ද ඊට එක්කර තිබිණි.