covid 19 වෛරසයට එරෙහිව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH රෝහල) සේවයේ නියුතු වෛද්‍ය වෘත්තිකයින්, හෙද වෘත්තිකයින්, සාත්තු සේවිකාවන් ඇතුළුව දිවා රාත්‍රී සේවා මුරයන්හි යෙදී සිටින රෝහල් කාර්ය මණ්ඩලයේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම සඳහා Pay Master Solutions ආයතනය ඉදිරිපත්වී සිටී.
කෝවිඞ් 19 රෝගීන් සඳහා නිරන්තර අවධානය යොමු කළ යුතුව ඇති බැවින් ෂෘ්‍ය රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් වැඩි දෙනෙකු තම පවුල්වල සාමාජිකයින් සමග දුරකතන මාර්ගයෙන් වැඩි වශයෙන් සම්බන්ධ වන බැවින් ඒ සඳහා ඔවුන්ට දැරීමට සිදු වන පිරිවැය සහ ඇතැම් විට දුරකතන සේවාව සඳහා අවශ්‍ය රීලෝඞ් පහසුකම් ලබාගැනීම මේ අවස්ථාවේදී පහසු නොවේ. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ Pay Master Solutions ආයතනය රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා රුපියල් 2,50,000ක් වටිනා රීලොඞ් පහසුකම් නොමිලේ බලාදීමට පියවර ගෙන ඇත.











