ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථවල අලෙවිය සහ සේවාවන් සිදුකිරීමේ බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් අබාන්ස් ඔටෝ සමාගම නිල වශයෙන් පත්විය. අබාන්ස් ඔටෝ සමගින් ඇති කරගත් මෙම සුවිශේෂී ගිවිසුමේදී Hyundai මෝටර් සමාගමේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවට Hyundai මෝටර් සමාගම පවසා සිටියි.
අබාන්ස් PLC කළමනාකාර අධ්‍යක්‍ෂ බේමන් (ටිටෝ) පෙස්ටොන්ජි මහතා පවසා සිටින්නේ ලොව සුපතළ මෝටර් රථ සමාගමක් වන Hyundai මෝටර් සමාගම සමඟින් අත්වැල් බැඳ ගන්නට ලැබීම සතුටට කරුණක් බවයි. මේ සමඟ ශ්‍රී ලංකාවේ මෝටර් රථ පාරිභෝගිකයන් වෙත Hyundai මෝටර් රථවල විශිෂ්ටත්වය වඩාත් හොඳින් අත්විඳිය හැකි බවත් දේශීය මෝටර් රථ ක්‍ෂේත්‍රය තුළ විප්ලවීය පෙරළියක් මෙමඟින් සිදු වනු ඇති බවත් පෙස්ටොන්ජි මහතා විශ්වාස කර සිටියි.