සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීම සදහා සකස් කරන ලද යෝජනාවලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙමළ ජාතික සන්ධානය වෙත යවා ඇත.
උතුරට ලබා දෙන දේශපාලන විසදුම, බලය බෙදාහැරීම, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ආදී කරුණු රැසක් මෙම ලියවිල්ලට ඇතුළත් බව දැනගන්නට ඇති අතර ඊයේ (26) දිනයේදී වික්‍රමසිංහ මහතා විසින් මෙය එම්.ඒ. සුමන්තිරන් මහතා වෙත බාරදී ඇති බව දැනගන්නට ඇත.
රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ පූර්ණ එකගතාව මත මෙම යෝජනාවලිය සකස් කර ඇති බව පැවසේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළතදී දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ සියලුම දේශපාලන පක්ෂ එක්රැස්වී මේ පිළිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
මෙම යෝජනාවලිය 2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දෙමළ සන්ධානයට ලබා දුන් යෝජනාවලියේ වචන කිහිපයක් පමණක් එහා මෙහා කොට සකස් කරන ලද්දක් බවද වාර්තා වේ.










