HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් (HNBGI) මෑතකදී ‘MotoGuard Pay As You Clam’ සුවිශේෂී පූර්ණ මෝටර් රථ රක්ෂණ සැලැස්ම හඳුන්වා දෙන ලදී. මෙම නවීන සැලැස්ම ඉතාමත් විශේෂිත, නම්‍යශීලී සැලැස්මක් වන්නේ එමඟින් වාහන හිමියන්ට වාරිකයෙන් කොටසක් පමණක් ගෙවීමෙන් මුළු වසර පුරාම තම වාහනය සඳහා සම්පූර්ණ රක්ෂණයක් සලසා ගැනීමේ හැකියාව සලසා දීමයි.
HNBGI සහ එහි මව් සමාගම වන HNB ඇෂුවරන්ස් PLC (HNBA)හි ප්‍රධාන විධායක නිලධාරි වන ප්‍රසන්න ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.
“අපගේ සේවාලාභීන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමටත්, එයට නව්‍යාකාර දැක්මක් තුළින් නව විසඳුම් හඳුන්වා දීමටත් අප සැමවිටම කැපවේ. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අපගේ සාමාන්‍ය රක්ෂණ විසඳුම් කලඹට මෙසේ එක්වූ නවතම රක්ෂණ විසඳුම අඩු වාරිකයකට පූර්ණ මෝටර් රථ රක්ෂණයක් සොයන්නා වූ වාහන හිමියන් හට අනගි විසඳුමක් වේ. ‘MotoGuard Pay As You Clam’ යනු ආරක්ෂිත, ආචාරශීලී රිය පැදවීම, දිරි ගන්වමින් එවන් රියැදුරන්ට හට ප්‍රතිලාභ ලබාදෙන්නා වූ අනගි රක්ෂණ සැලැස්මකි.”











