ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLCහි ප්‍රධානතම ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය වන මෙහෙවර වැඩසටහන ඔස්සේ සීදුව ප්‍රදේශයේ ජීවත් වන දෘශ්‍යාබාධිත පවුල් 100ක් සඳහා වියළි ආහාර බෙදාදීම පසුගියදා සිදු කෙරිණි.
පසුගිය දෙසැම්බර් 23 වැනි දින පැවැති මෙම වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට HNB FINANCE හි ප්‍රධාන මානව සම්පත් නිලධාරී සහ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී මානව සම්පත් සහ පරිපාලන රුවන් ප්‍රනාන්දු සහ පුහුණු අංශ ප්‍රධානී අනුර උඩවත්ත සහ පුහුණු අංශ කළමනාකාර සංජේ සේනාසිංහ සහ නුවන් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
HNB FINANCE හි සේවකයන්ගේ සහ සමාගමේ ස්වේච්ඡා අරමුදල් දායකත්වයෙන් ගොඩනංවනු ලැබූ මෙහෙවර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය විවිධ ප්‍රජා සුබසාධන වැඩසටහන් සිදුකරමින් සරණක් අවැසි පුද්ගලයන් වෙත සිය දායකත්වය නොපැකිලිව ලබාදීමට කටයුතු කර ඇත.











