ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC 2021 වසරේ ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන (ABF Wholesale and Retail Banking Awards 2021) උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමගත ප්‍රවේශය’ සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් තමන් සතු කරගන්නා ලදී.
ABF සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙම ඇගයීමට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය බැංකු නොවන මූල්‍ය ආයතනය HNB FINANCE PLC වීමද විශේෂත්වයකි.
පසුගිය වසරේදී මෙන්ම මෙවරද ආසියාවේ ප්‍රමුඛතම බැංකු හා මූල්‍ය ආයතන රැසක සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඩිජිටල් සම්මාන උළෙලක් ලෙස) ABF සම්මාන උළෙල පවත්වන ලදී.
පසුගිය කාලය තුළදී ඔන්ලයින් තාක්ෂණය භාවිත කරමින් සහ පාරිභෝගිකයන් වෙතට ගොස් සිදුකළ අලෙවි සහ සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් මගින් සාර්ථක ප්‍රතිඵල රැසක් අත්පත් කර ගැනීමට HNB FINANCE සමාගමට හැකිවිය.
මෙම සෑම ප්‍රවර්ධන වැඩසටහනක් තුළින්ම නවෝත්පාදනයන් සහ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය සහ අද්විතීය ඩිජිටල් සේවා හැකියාව තුළින් පැහැදිලි ව්‍යාපාරික ප්‍රතිලාභ අත්කර ගැනීමටද සමාගමට හැකිව තිබේ.











