HNB FINANCE සිය තිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයෙහි එක් ප්‍රධානතම කරුණක් වන සමාජ බලගැන්වීම යටතේ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කරන ලදී. නුගේගොඩ පොලිස් වසමේ මාර්ග සහ ස්ථානයන් කිහිපයක පදිකයින්ගේ සහ රියැදුරන්ගේ අවධානය පිණිස මෙම මාර්ග සංඥා පුවරු රැඳවෙනු ඇත.
HNB FINANCEහි තිරසාර ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ මෙම මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා HNB FINANCEහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩබ්ලිව්.එස්.පී. අරංගල සහ
නුගේගොඩ මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාලන් පෙරේරා යන මහත්වරු එක් වූ අතර මෙම අවස්ථාවට HNB FINANCEහි අලෙවි ප්‍රධානී උදාර ගුණසිංහ ජේ්‍යෂ්ඨ අලෙවි කළමනාකරු තිළිණ දිසානායක, මාධ්‍ය කළමනාකරු මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි යන මහත්වරු එක්වූහ.
නියමු වැඩසටහනක් ලෙසින් සංවිධානය වූ මෙම මාර්ග සංඥා පුවරු ලබා දීමේ වැඩසටහන ඉදිරියේදී යාපනය, කතරගම, නුවරඑළිය, මහනුවර, කුරුණෑගල යන පොලිස් බල ප්‍රදේශයන් වෙත ව්‍යාප්ත කිරීමටද HNB FINANCE සූදානමින් සිටී.











