ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලැබූ හැටන් නැෂනල් බැංකුව ළඟ එන සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ ගනුදෙනු කරන සිය කාඩ්පත් හිමියන් සඳහා ‘HNB අවුරුදු ජයයි’ යන බැංකුවේ නවතම කාඞ්පත් දීමනා වැඩසටහන හඳුන්වාදී ඇත.
තම ගනුදෙනුකාරභවතුන්ගේ සිතැඟි වටහා ගනිමින් හොඳම දේ ලබා දීමට සැමවිටම කටයුතු කරන HNB මෙවරත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් සඳහා අවුරුදු වට්ටම් හා දීමනා ලබා දීම සඳහා දිවයිනේ වඩාත් ජනප්‍රිය දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ නාම විශාල සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගෙන ඇත.











