ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් සමූහය තම 25 වසරක අත්දැකීම් සමග ස්වර්ණමය පිය සටහනක් තබමින් කොළඹ 7 වෝඩ් පෙදෙසේ ඉදිකෙරන උසම සහ මෙරට ඉදිකෙරෙන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ‘The Grand’ ඉදිකරමින් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට නොමැකෙන සළකුණක් එක් කිරීමට සමත් වී තිබේ.
මීටර් 160ක උසක් සහිතව ඉදිවන අති සුඛෝපභෝගීThe Grand Ward Place නිවාස සංකීර්ණය ආසියාවේ ඉහළම පිළිගැනීමක් සහිත PropertyGuru Asia Property Awards උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස (Condominium) ව්‍යාපෘතිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය අවට එදිනෙදා ජීවිතය පහසු කරවන පහසුකම් වන සුපිරි වෙළෙඳ සැල්, අවන් හල්, රූපලාවන්‍යාගාර, Spa, උත්සව ශාලා මෙන්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුද්ගලික සහ රජයේ පාසල් පිහිටා ඇත.











