තමන්ට සිදුව ඇති අසාධාරණය මුල් කරගෙන ජිනීවාහි මානව හිමිකම් කොමිසම වෙත යාමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා සදහන් කොට ඇත.
එසේ ගොස් මේ රටේ ජනතාව අපහසුතාවයට ලක්කිරීමට තමන් සූදානම් නැති බවද රාමනායක මහතා සදහන් කොට තිබේ.
පසුගිය දිනෙක ඒ මහතා බැලීමට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය ඔහුගේ නීතීඥවරුන්ට රාමානායක මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.
අවුරුදු 4ම සිරගෙදර ගත කිරීමට තමන් සූදානම් බවත්, ඉදිරියටත් ජනතාව වෙනුවෙන් කැපවීමට කටයුතු කරන බවත් හෙතෙමෙ එහිදී සදහන් කොට තිබේ.










