ශ්‍රී ලංකාවට ආවේණික සම්පත් රැකගැනීමට දායක වීම මෙරට ව්‍යාපාර ක්ෂේත්රයේ වගකීමක් බව විශ්වාස කරමින්, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී එහි 2030 සමූහ පාරිසරික න්යායපත්රය පසුගියදා එළිදැක්වීය. මෙය දැනට වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති ශ්‍රී ලංකාවට ආවේණික සත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකි.
ආවේණික සත්ව හා ශාක විශේෂ 350කට අධික සංඛ්‍යාවක් සහිත ශ්‍රී ලංකාව, ලොව ජෛව විවිධත්ව තෝතැන්නක් ලෙස සැලකේ. කෙසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සත්ව හා ශාක විශේෂ රාශියක් මේ වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටී.
පාරිසරික න්‍යාය පත්‍රය යටතේ ක්‍රියාවට නංවන මූලික වැඩසටහනක් ලෙස, ශ්‍රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව හා ශාක විශේෂ 50කට අධික සංඛ්‍යාවක් පිළිබඳ වැඩිදුර තොරතුරු එක්රැස් කිරීමට සහ එම විශේෂ ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමට හේමාස් හෝල්ඩිංග්ස් මේ වන විට වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society) WNPS) සමග හවුල්කාරීත්වයකට එළැඹ සිටී.