• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්න බබෝ බිල්ලා…

October 3, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ඔන්න බබෝ බිල්ලා…
Share on WhatsAppShare on Facebook

මේ ඔබ කියවන්න යන්නේ ලංකාවේ සිදුවීමට නියමිතව තිබුණු අපරාධයක් පිළිබඳ කතාවක්. ඒත් වාසනාවකට මේ අපරාධය මේ විදියට සිද්ධ වුණේ නෑ. ඒක ඊට වඩා වෙනස් වෙලා සිදුවීමේ මූලික සිද්ධාන්ත දෙක සිද්ධ වුණත්, පස්සේ මේ දරුවා මේ ප්‍රශ්නෙන් බේරෙනවා. සිද්ධිය වෙන්නේ රත්නපුරේ. රත්නපුර එක්තරා දැරියක් පාසල් යමින් ඉන්නවා. ඒ දැරියගේ වයස අවුරුදු 12ක් විතර. පාසල් යමින් හිටපු දැරියව අසල වත්තක පුංචි ලඳු කැලෑවකින් මතුවෙච්ච එක්තරා පුද්ගලයෙක් හදිසියේ අල්ලාගන්නවා. එහෙම අල්ලාගෙන ඈ පැලඳ හිටපු ටයි පටියෙන් ඇගේ දෑත් පිටුපසට කර බැඳලා ඈව පැහැරගෙන යන්න උත්සාහ කරනවා. මේ කතාව මේ දක්වා කියෙව්වට පස්සේ ඔබට නම් කීයක් මතක් වුණාද? ඔබට සිද්ධි කීයක් මතක් වුණාද? ලියුම්කරුවෙක් විදියට අපට මේ වගේ සිද්ධි ගොඩක් ගැන ලියන්න සිද්ධ වෙලා තිබුණා. ඒවායේ සමහර සිදුවීම් නිමාවුණේ ඉතා කනගාටුදායක ප්‍රවෘත්ති විදියට. සේයා සදෙව්මි කියන පුංචි දැරිය ඝාතනය වෙච්ච කතන්දරය වැඩියෙන්ම ලියපු ලියුම්කරු සමහර විට මේ ලියුම්කරු වෙන්න ඇති. ඒ වෙලාවේ සිද්ධි ගොඩක් අපේ රටෙන් වාර්තා වුණා. විද්‍යා අපේ රටේ ඒ විදියටම ජීවිතෙන් සමුඅරගෙන ගිය තවත් කෙනෙක්. ඊට අමතරව පූජනීගෙ සිදුවීම ඇතුළු සිදුවීම් රාශියක් එක දිගට එක වැලට සිද්ධ වෙනකොට අපට රටක් විදියට පුළුවන් වුණේ කලබල වෙන්න විතරයි. කලබල වීමෙන් විතරක් ප්‍රශ්න විසඳිය නොහැකි බව දැන් අපි දන්නවා. මේ සිද්ධිය මේ විදියට නිමා වෙන්නෙත් ඒ ස්ථානයේ හිටපු මොළේ කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් එක්තරා කාන්තාවක් නිසා. ඈ මේ සිද්ධිය වෙලාවෙ වහාම මැදිහත් වෙලා දැරියව බේරාගන්නවා. කොහේදෝ ඉඳන් ආපු දිව්‍යාංගනාවක් වගේ මනුස්සයෙක් නොහිටින්න මේ කතාව කොහොම නිමාවෙයිද කියන්න අපි කවුරුවත් දන්නෙ නෑ.

මේ සිදුවීම ගැන විස්තර කරලා රසවත්ව ලියලා මේ කතාව ඔබට කියන්න නෙවෙයි අපට අවශ්‍ය. අපට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබේ දරුවා ගැන ඔබට කියන්න. ඇත්තටම මේ පුවත්පතේම මේ විදියට දරුවො ගැන ලිපි කිහිපයක් ලියන්න සිද්ධ වීම දෛවෝපගතයි. මොකද අද වෙනකොට අපේ රටේ දරුවො ඉන්නේ ඉතා භයානක සහ අනාරක්ෂිත තත්ත්වයක. පහුගිය කාල වකවානුව ඇතුළෙත් දරුවො සම්බන්ධ කතන්දර ගොඩක් තැන් තැන්වලින් මතුවෙන්න පටන් අරගත්තා. සමහර අය දරුවන්ට පහරදීලා තිබුණා. සමහර දරුවො මහ පාරේ දාලා ගිහින් තිබුණා. සමහර දරුවන්ට කන්න බොන්න නැතුව අසරණ වෙලා තිබුණා. තවත් සමහර දරුවන්ට අතවර කරලා තිබුණා. අනියම් සැමියා එක්ක එකතු වෙලා දරුවන්ට ගහලා, ඒ දරුවන්ව මරලා පොහොර උරයක දාලා හංගලා තිබුණා. මේ සියල්ල සිද්ධ වුණේ අපේ රටේ. මේක බණ කියන රටක්, බණ ඇහෙන රටක්. කොච්චර බණ කිව්වත්, කෝචචර බණ ඇහුණත් ඒවා නොපිළිපදින රටක්. බණ වෙනුවට බයිලා අහන රටක්. බයිලා කියන කට්ටිය රජවෙන රටක්. බණ කියන්න වුවමනාව සහ හැකියාව තියෙන කට්ටියත් බයිලා කියන රටක්. බයිලා කියන්න ඕනෙ කට්ටිය බණ කියන රටක්. ඒ නිසා මෙහෙම රටක මෙහෙම සිද්ධි වෙන එක ගැන ආයෙ අමුතුවෙන් අහන්න දෙයක් නෑ. මෙහෙම දේවල් දිගින් දිගටම වාර්තා වෙනවා නම් ඒ සම්බන්ධව වහාම පියවර ගන්න එක අපේ රටේ බොහෝ අංශවලට පැවරෙන දෙයක්. ඇත්තටම ළමයි පරෙස්සම් කරන්න අපි විවිධ දේවල් කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට ළමයින් ආරක්ෂා කිරීම සම්බන්ධව නිලධාරීන් ඉන්නවා. ළමා සමාජ පිහිටුවීම ඇතුළු විවිධ ව්‍යාපෘති අපේ රටේ දියත් වෙනවා. ළමයින් වෙනුවෙන් ළමා හා කාන්තා කාර්යාංශයක් හැම පොලිසියකම තියෙනවා. ළමයින් වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමේ විශේෂිත වැඩපිළිවෙළ දියත් වෙනවා. ළමයින් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරමින් විශේෂ ව්‍යාපෘති තියෙනවා. දරුවො ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රටක් විශාල වැඩපිළිවෙළක් දියත් කරන්න ඕනෙකම තියෙද්දී කොහොමද දරුවන්ට මෙහෙම දේවල් වෙන්නේ?

අපේ රටේ මිනිසුන්ගේ සංස්කෘතිය නම් තියෙන්නේ කරටත් උඩින්. පිටරටවල බිකිනි ඇඳන් පාරෙ යනකොට, අපේ රටේ බඩ පේන්න සාරි අඳින්නවත් ඉඩක් දෙන්නෙ නෑ. ඉස්කෝලෙකට අම්මා කෙනෙක් යනකොට ඒ අම්මලට නීති 10ක් විතර දානවා. හැබැයි කොච්චර නීති තිබුණත් අපට අපි වෙනුවෙන් නීති දාගන්න බැරි වෙලා. විදුහල්පතිවරු කී දෙනෙක් ළමා අපචාර සිද්ධිවලට නම ගාගත්තද? මේ කියන නගරයේම, මේ කියන පුරවරයේමත් එහෙම විදුහල්පතිවරයෙක් ගැන අපි අහලා තිබුණා. ඒවායේ පරීක්ෂණ ප්‍රතිඵල මත ඇත්ත නැත්ත සනාථ වෙලා ඒ අයට නිසි දඬුවම් ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක්. එත් ළමා අපචාර සිද්ධි පිළිබඳ දිවුලපිටිය ප්‍රදේශයේ පවා පසුගිය කාලේ එක්තරා සිදුවීමක් වාර්තා වුණා. එක්තරා විදුහල්පතිවරයෙක්ගෙ නමක් ගැන. ඒ සම්බන්ධව නිවැරැදිව නීතිය ක්‍රියාත්මක වුණාද, මේ වන විට නිවැරැදි පියවර අරගෙන තියෙනවද කියන එක ගැන අපි අවධානනේ ඉන්නවා.

බණ කියන භික්ෂුන්වහන්සේලා කීනමක් සාමණේර පොඩි හාමුදුරුවන්ට අතවර කළාද? ඒ නිසා මේවා විසඳන්න ගියාම අපට අන්තිමට කියන්න තියෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියලයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දිනේෂ් අරලිය ගහ මැදුරට නොයන්නෙ බයේද?

Next Post

ශ්‍රී ලංකාවට අවේණික ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමින් හේමාස් සමූහයේ 2030 පාරිසරික න්‍යායපත්‍රය එළිදකී…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.