ජයග්‍රාහකයන් වෙතින් තිරසාර දිවියකට මහෝපකාරී වන නවෝත්පාදන පෙළක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 Hackathon වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.
තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂ හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි.
කොළඹ ගේට්වේ පාසලේ ‘Calori’ කණ්ඩායම තරගයේ පාසල් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගත් අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ‘Prostasia’ කණ්ඩායමට විශ්වවිද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණය හිමි විය.
පාසල් සහ විශ්වවිද්‍යාල කාණ්ඩ යටතේ තරගයට ඉදිරිපත් වූ කණ්ඩායම්වලට, සෞඛ්‍ය හා යහපැවැත්ම, ගුණාත්මක අධ්‍යාපනය, තිරසාර නගර හා ප්‍රජාවන්, කර්මාන්ත, නවෝත්පාදන හා යටිතල පහසුකම, සහ වගකීම්සහගත පරිභෝජනය හා නිෂ්පාදනය වැනි තිරසාර සංවර්ධන ඉලක්ක (SGDs) ඉලක්ක පදනම් කරගත් නවෝත්පාදන සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලදී. මෙම තරගය තරුණ නවෝත්පාදකයන්ට නවීන තාක්ෂණය භාවිතයෙන්, තෝරාගත් තිරසාර සංවර්ධන ඉලක්කවලට අදාළ ඇතැම් අභියෝගවලට මුහුණ දීම සඳහා ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.