යාපනයේ පාන් මිල රුපියල් 300 දක්වා කිසිසේත්ම ඉහළ නොදමන බවත් පාන් ගෙඩියක් පෙර සේම රුපියල් 200 බැගින් අලෙවි කරන බවත් යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමි ගුණරත්නම් පවසයි.
ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ඉහළ දමා නොමැති බව කී බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා, තවමත් යාපනයේ බේකරි හිමියන්ට එම සමාගමෙන් තිරිගු පිටි මිටියක් රුපියල් 12,500කට ලබාදෙන බවද පැවසීය.
කොළඹ බේකරි හිමියන්ට ලැබෙන තිරිගු පිටිවල මිල ගණන් ඉහළ යාම නිසා ඔවුන් පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වාද, සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඊට සරිලන ආකාරයට ඉහළ දැමූවද යාපනයේ කිසිම ප්‍රදේශයක පාන් හා සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නොදමන බවද යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමි ගුණරත්නම් සඳහන් කළේය.
දිනසේන රතුගමගේ
lankasara










