මෙම පොසොන් පෝදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සිල් සමාදන් වූ උවසු උවැසියන් විසිපන්දහසකට අධික පිරිසකට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කරන ලදී.(Sri Lanka Latest News)
අනුරාධපුර මහජන බැංකු ප්‍රාදේශිය බෞද්ධ සංගමය දශක හතරක් මු`ඵල්ලේ සංවිධාන කරන මෙම පුණ්‍ය කටයුත්තට මහජන බැංකුව හා එහි කාර්ය මණ්ඩලය දායකත්වය දරයි.
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම දානමය පුණ්‍යකර්මයට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහාය සේවා) නිපුනිකා විජයරත්න, ප්‍රධාන නීති නිලධාරිනි පී.කේ. කටුලන්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) ටී.එම්. ඩබ්ලිව් චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඉඳුමිණි රත්නායක යන මහත්ම මහත්මීන්, අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර අසිත ධනවිලවිතාන ඇතුඵ ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරවරියන්, සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිනියන්, ශාඛා කළමනාකාරවරුන්, රාජ්‍ය නිලධාරින්, මහජන බැංකු බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතු
ඵ මහජන බැංකු කාර්ය මණ්ඩලය සහ විශ්‍රාමික සේවක ප්‍රජාව සහභාගි වූහ.