ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 ඔක්තෝබර් 05 දින ක්‍රියාවට නංවන ලද ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට සමගාමීව LANKAQR සහතික ලත් ප්‍රථම මූල්‍ය ආයතන අතරට එක්වීමට DFCC බැංකුව සමත් විය. මෙරට සියලුම තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ මූල්‍ය ගනුදෙනු වඩාත් පහසු කිරීම ඉලක්ක කරගත් මෙම දැවැන්ත ව්‍යාපෘතිය, DFCC බැංකුවේ මූලික ක්‍රමෝපායක් වන ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය හා ඩිජිටල් තාක්ෂණ භාවිතය සහිත බැංකුව බවට පත්වීම’ යන්න සමගද මැනැවින් පිළිබිඹු කෙරේ.
DFCC බැංකුව මගින් QR තාක්ෂණය පදනම් කරගත් DFCC Pay App හඳුන්වා දෙනු ලැබුයේ 2019 වසරේ ජනවාරි මාසයේදීය. ස්මාර්ට් ජංගම උපාංග පදනම් කරගෙන, දේශීය මුදල් වර්ගවලින් කරනු ලබන ගෙවීම් සඳහා LANKAQR ක්‍රමවේදය භාවිතා වනු ඇත.
DFCC Pay App මගින් ගනුදෙනුකරුවන්ට තම ජංගම හෝ ඉතුරුම් ගිණුම්වල ඇති මුදල්වලින්, තම ස්මාර්ට් ජංගම උපාංග හරහා අලෙවිකරුවන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැරකළ හැකිවේ. මෙය සාමාන්‍යයෙන් මුදල්වලින් කරනු ලබන ගෙවීම් වෙනුවට භාවිතා කළ හැකි පහසු, සුරක්ෂිත හා ලාභදායී විසඳුමකි. DFCC ක්‍රෙඩිට් කාඞ්පත්ද DFCC Pay App සමග සම්බන්ධ කළ හැකි අතර එමගින් VISA QR මගින් ගෙවීම් භාරගන්නා දේශීය හා ජාත්‍යන්තර අලෙවිකරුවන් සමග ස්මාර්ට් ජංගම උපාංග හරහා ගනුදෙනු කළ හැකි වේ.