ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන වාණිජ බැංකු අතරින් එකක් වන DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදී ඇති ප්‍රතිඥාව වන ‘කාටත් ගැළපෙන බැංකුව’ බවට පත්වීමේ උත්සාහයේ කොටසක් ලෙස, ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල් සේවාවන් රාශියක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම සුවිශේෂී පරිවර්තනයකට ලක්කිරීමට සමත් වී ඇත. මෙම ඩිජිටල් සේවාවන් නිසා රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ පවා ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය බැංකු සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම Virtual Wallet ක්‍රමය ලෙස 2015 වසරේදී හඳුන්වා දෙන ලද DFCC Virtual Wallet සේවාව පසුගියදා නවීකරණයට ලක්කරන ලද අතර, බැංකු ශේෂයන්, පොලී අනුපාත, ස්ථාවර තැන්පතුවල කල්පිරීමේ දිනයන්, ණය ශේෂයන් සහ ගෙවීම් සිදුකළ යුතු දිනයන් ආදිය විමසීමේ හැකියාව ඇතුළු විශේෂාංග රාශියක් ඊට අලුතින් එක්වී ඇත. එමෙන්ම DFCC ක්‍රෙඩිට් කාඞ්පත DFCC Virtual Wallet සමග සම්බන්ධ කිරීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් තොරතුරු, කාඞ්පත් සීමාවන්, ශේෂයන්, ගෙවිය යුතු අවම මුදල, ගෙවීම් කළ යුතු දිනය, කාඞ්පතේ තත්ත්වය, Cash Back Reward වටිනාකම, කාඞ්පත භාවිතයෙන් සිදුකළ ගනුදෙනු සහ පසුගිය මාස 3ට අදාළ ක්‍රෙඩිට් කාඞ්පත් ගිණුම් ප්‍රකාශ ආදිය පරීක්ෂා කළ හැකි වේ. දැනටමත් ෘත්‍ක්‍ක් බැංකුවේ ගනුදෙනුකරුවන් වන පුද්ගලයන්ට DFCC Virtual Wallet app බාගත කරගෙන තම ඩෙබිට් කාඞ්පත භාවිතයෙන් එහි සේවාවන් සමග සම්බන්ධ විය හැකි අතර, නැතිනම් ක්ෂණික ඇමතුම් අංකය අමතා එය සක්‍රීය කරගත හැකිවේ.