AIA රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට සිය රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා විකල්ප විසඳුම් දෙකක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකමට සහ දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත්‍ර (CRM) ජාලයට AIA රක්ෂණ සමාගම සම්බන්ධ කර ඇත.
මෙම පහසුකම තුළින් රක්ෂණ ඔප්පු හිමියන්ට වසරේ ඕනෑම දිනයක, ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට රක්ෂණ වාරික මුදල් ගෙවීමට අවස්ථාව හිමිවේ. මේ අතරම, මෙම ගෙවීම් කළ විගසම යාවත්කාලීන වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයෙන් පසුව බැංකුවකට නොපැමිණ පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමට පාරිභෝගිකයන් තුළ තිබෙන උනන්දුව වැඩිවීම හමුවේ බැංකුව අඛණ්ඩවම සිය ගෙවීම් විකල්පයන් විවිධාංගීකරණය සහ ඩිජිටල්කරණය කරමින් තිබෙන බව කොමර්ෂල් බැංකුව පවසයි.