කොමර්ෂල් බැංකුව, ලංකාපේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් අද දින හඳුන්වා දුන් අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් අංශය දැවැන්ත පියවරක් තබන ලදී.
මෙම ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය ලංකාපේ ආයතනය ජපානය පදනම් කරගත් ජාත්‍යන්තර කාඩ්පත් ක්‍රමයක් වන JCB ඉන්ටර්නැෂනල් සමග ඒකාබද්ධ වෙමින් ආරම්භ කළ වැඩසටහනක් වේ. ලෝකය පුරා JCB කාඩ්පත් හිමියන් මිලියන 150කට වැඩි සංඛ්‍යාවක් සිටී.
ශ්‍රී ලංකාව තුළ ලංකාපේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන පළමුවැනි අවස්ථාව මෙය වන අතර, ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග තුනක් සහ ඩෙබිට් කාඩ්පත් වර්ග දෙකක් සහිතව ලංකාපේ කාඩ්පත් පහක් නිකුත් කිරීමත් ශ්‍රී ලංකාවේ පළමු වතාවට සිදුවිය.
ලංකාපේ කාඩ්පත් ශ්‍රී ලංකාවේ එළිදැක්වීමේ අවස්ථාව උත්සවාකාරයෙන් කොළඹදී සිදුකළ අතර එම වැඩසටහනට JCB, කොමර්ෂල් බැංකුව සහ ලංකාපේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් සහභාගි විය. මෙහිදී, ඔවුන් අවධාරණය කළේ මෙමගින් කාඩ්පත් හිමියන්ට ඉහළ අගය එකතුකළ සේවාවක් සහ පාරිභෝගික වරණයක් ලබාදෙන බවයි.
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලංකාපේ කාඩ්පත් ලංකාපේ ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර තිබෙන පොයින්ට්-ඔෆ්-සේල් යන්ත්‍ර තුළින් ගනුදෙනු කිරීමේදී ස්පර්ශ සහ ස්පර්ශයෙන් තොර (contact සහ contactless) ගනුදෙනු තාක්ෂණය භාවිත කරනු ලබයි. මීට අමතරව, ලංකාපේ පද්ධතියට සම්බන්ධ කර තිබෙන සියලු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ දේශීය වෙළෙඳසල් 42,000ක මෙන්ම මිලියන 41කට අධික JCB ගෝලීය ව්‍යාපාරික ජාලයේ ස්ථානවලින් මෙම කාඩ්පත් භාවිත කරමින් ගනුදෙනු සිදුකළ හැකි බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව ලංකාපේ සන්නාමකරණය කළ ක්‍රෙඩිට් කාඩ්පත් ප්ලැටිනම්, ගෝල්ඩ් සහ ක්ලැසික් යන මට්ටම්වලින් නිකුත් කරනු ලබන අතර ඩෙබිට් කාඩ්පත් ප්ලැටිනම් සහ ක්ලැසික් යන මට්ටම්වලින් නිකුත් කරයි. මෙම ඩෙබිට් කාඩ්පත ශ්‍රී ලංකාව තුළ නිකුත් කරනු ලබන පළමු ඩුවල් ඉන්ටර්ෆේස් කාඩ්පත වන අතර එමගින් භාවිත කරන්නාට ඕනෑම පොයින්ට්-ඔෆ්-සේල් යන්ත්‍රයක් මගින් කන්ටැක්ට් සහ කන්ටැක්ට්ලස් තාක්ෂණය භාවිත කරමින් ගනුදෙනු කිරීමට හැකිවේ.