• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාව තුළ ලංකාපේ කාඩ්පත් එළිදක්වයි…

April 1, 2023
in Business
Reading Time: 2 mins read
A A
කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාව තුළ ලංකාපේ කාඩ්පත් එළිදක්වයි…
Share on WhatsAppShare on Facebook

කොමර්ෂල් බැංකුව, ලංකාපේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් අද දින හඳුන්වා දුන් අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් අංශය දැවැන්ත පියවරක් තබන ලදී.

මෙම ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය ලංකාපේ ආයතනය ජපානය පදනම් කරගත් ජාත්‍යන්තර කාඩ්පත් ක්‍රමයක් වන JCB ඉන්ටර්නැෂනල් සමග ඒකාබද්ධ වෙමින් ආරම්භ කළ වැඩසටහනක් වේ. ලෝකය පුරා JCB කාඩ්පත් හිමියන් මිලියන 150කට වැඩි සංඛ්‍යාවක් සිටී.

ශ්‍රී ලංකාව තුළ ලංකාපේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන පළමුවැනි අවස්ථාව මෙය වන අතර, ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග තුනක් සහ ඩෙබිට් කාඩ්පත් වර්ග දෙකක් සහිතව ලංකාපේ කාඩ්පත් පහක් නිකුත් කිරීමත් ශ්‍රී ලංකාවේ පළමු වතාවට සිදුවිය.

ලංකාපේ කාඩ්පත් ශ්‍රී ලංකාවේ එළිදැක්වීමේ අවස්ථාව උත්සවාකාරයෙන් කොළඹදී සිදුකළ අතර එම වැඩසටහනට JCB, කොමර්ෂල් බැංකුව සහ ලංකාපේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් සහභාගි විය. මෙහිදී, ඔවුන් අවධාරණය කළේ මෙමගින් කාඩ්පත් හිමියන්ට ඉහළ අගය එකතුකළ සේවාවක් සහ පාරිභෝගික වරණයක් ලබාදෙන බවයි.

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලංකාපේ කාඩ්පත් ලංකාපේ ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර තිබෙන පොයින්ට්-ඔෆ්-සේල් යන්ත්‍ර තුළින් ගනුදෙනු කිරීමේදී ස්පර්ශ සහ ස්පර්ශයෙන් තොර (contact සහ contactless) ගනුදෙනු තාක්ෂණය භාවිත කරනු ලබයි. මීට අමතරව, ලංකාපේ පද්ධතියට සම්බන්ධ කර තිබෙන සියලු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ දේශීය වෙළෙඳසල් 42,000ක මෙන්ම මිලියන 41කට අධික JCB ගෝලීය ව්‍යාපාරික ජාලයේ ස්ථානවලින් මෙම කාඩ්පත් භාවිත කරමින් ගනුදෙනු සිදුකළ හැකි බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව ලංකාපේ සන්නාමකරණය කළ ක්‍රෙඩිට් කාඩ්පත් ප්ලැටිනම්, ගෝල්ඩ් සහ ක්ලැසික් යන මට්ටම්වලින් නිකුත් කරනු ලබන අතර ඩෙබිට් කාඩ්පත් ප්ලැටිනම් සහ ක්ලැසික් යන මට්ටම්වලින් නිකුත් කරයි. මෙම ඩෙබිට් කාඩ්පත ශ්‍රී ලංකාව තුළ නිකුත් කරනු ලබන පළමු ඩුවල් ඉන්ටර්ෆේස් කාඩ්පත වන අතර එමගින් භාවිත කරන්නාට ඕනෑම පොයින්ට්-ඔෆ්-සේල් යන්ත්‍රයක් මගින් කන්ටැක්ට් සහ කන්ටැක්ට්ලස් තාක්ෂණය භාවිත කරමින් ගනුදෙනු කිරීමට හැකිවේ.

SendShareShare
Previous Post

මරණය එන්නේ අපි හිතන විදියට නෙමෙයි…

Next Post

ක්‍රිකට් අවුල දුරදිග යයි! අර්ජුන එක්ක හැප්පුණු ක්‍රීඩා ඇමැති‌ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් ඉල්ලා අස්වෙයි! අර්ජුනට බරපතළ චෝදනාවකුත් කරයි! මරණ තර්ජන කළාට නඩු දාන්නත් ලෑස්ති වෙයි! ඇමැතිට යවපු ලියුම මෙන්න! ‌

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.