CINEC ආයතනය 2018/2017 වර්ෂ සඳහා අධ්‍යාපන සේවා කාණ්ඩයේ ජනාධිපති අපනයන සම්මානය දිනාගනිමින් කාර්යසාධනය සහ අධ්‍යයන විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් සිය ගමන් මඟේ විශේෂ සන්ධිස්ථානයක් සටහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවති සම්මාන උළෙලේදී CINEC ආයතනයේ සභාපති කපිතාන් අජිත් පීරිස් මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙම සම්මානය ලබාගන්නා ලදී. විශේෂයෙන් සේවා අංශයේ අපනයනකරුවන් සඳහා ජාතික පිළිගැනීමක් ලබාදීම සම්මාන උළෙලේ අරමුණ විය. වසර 3ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස “සම්මාන ලාංඡනය” භාවිත කිරීමටද CINEC ආයතනයට අවස්ථාව ලැබේ.