‘පුටුව’ ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අද (31) පෙරවරු 9.30.ට පදනම් ආයතනයේදී සන්ධානගත වීමට නියමිතය.
ජනාධිපතිවරණය පොහොට්ටුව යටතේ තරග වැදුනද මෙම ගිවිසුම යටතේ එළඹෙන මහමැතිවරණය පොදු ලකුණක් වූ ‘පුටුව’ යටතේ තරග වැදීමට නියමිතය.
මෙම නව සන්ධානයේ සමසභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ඇත.