සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel සමාගම එක්ව ඉතාම සුවිශේෂ රක්ෂණ ප්‍රතිලාභයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. ‘සෙලින්කෝ SLT – Mobitel අනන්තය’ නමින් හඳුන්වා දෙන මෙම නව රක්ෂණාවරණයට SLT – Mobitel පාරිභෝගිකයන් වෙනුවෙන් රු. 500,000ක් දක්වා බරපතළ රෝග ආවරණයක් සහ හදිසි අනතුරකින් සිදුවන මරණයකදී සහ පූර්ණ සදාකාලික ආබාධිතවීමකදී රු. 1,000,000ක් දක්වා හිමිවන පුද්ගල හදිසි අනතුරු ආවරණයක්ද ඇතුළත් වේ.

SLT ස්ථාවර දුරකතන හිමි පාරිභෝගිකයන් සහ මොබිටෙල් පාරිභෝගිකයන් මෙම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ මාසික බිල්පතේ වටිනාකම මෙන් පස්ගුණයක් වටිනා වාර්ෂික රක්ෂණාවරණයක් මේ තුළින් හිමිවේ. උදාහරණයක් ලෙස SLT පාරිභෝගිකයෙක් රු. 5,000/-ක බිල්පතක් 2023 ජනවාරි මාසය තුළදී ගෙවනු ලබන්නේ නම් ඒ සඳහා රු. 25,000/-ක ආවරණයක් හිමිවෙනවා. එම පාරිභෝගිකයා තවත් රු. 6,000ක බිල්පතක් පෙබරවාරි මස තුළදී ගෙවනු ලබන්නේ නම් ඒ සඳහා රු. 30,000ක ආවරණයක් හිමිවෙනවා. ඒ අනුව පෙබරවාරි මස අවසානය වන විට එම පාරිභෝගිකයා සඳහා එකතු වූ මුළු ආවරණය රු. 55,000ක්. මේ ආකාරයෙන් බිල්පත් ගෙවනු ලබන පිළිවෙළ අනුව ආවරණයේ අගයද වැඩිවෙනවා. ගෙවනු ලබන එක් එක් බිල්පත් සඳහා වර්ෂයක කාලසීමාවක ආවරණයක් ලබාදෙන අතර ආවරණයේ වටිනාකම රු. මිලියනයක් දක්වා වර්ධනය කරගත හැකියි.

Exit mobile version