වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ සෙවණපිටිය ශ්‍යාඛාව ATM පහසුකම්ද සමගින් නව ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදුකෙරිණි.
මේ වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයට ලකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් – කලාප I) එස්. සිවන්ජන්, නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් හා බැංකු සංවර්ධන) කේ.ඒ. අජිත් කරුණාරත්න, සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි සහ සහකාර මහා කළමනාකරු (උතුරු මැද පළාත) මහින්ද බණ්ඩාර යන මහත්වරු ඇතුළු සෙවණපිටිය ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.