ව්‍යාපාරික ප්‍රජාවගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා තම නවතම මූල්‍ය විසඳුම වන Asset Draft ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් විසින් පසුගියදා එළිදැක්වීය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති Asset Draft, බැංකු අයිරා පහසුකමකට සමාන වන අතර මෙම ව්‍යවසායකයන්ගේ ගනුදෙනු සහ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන චක්‍රයට අදාළ ප්‍රතිපාදන සපුරාලිය නොහැකි ස්ථාවර කාලීන ණය ලබාගැනීමේදී මුහුණ දීමට සිදුවන සීමාවන් ඉවත් කරමින් Asset Draft සකසා ඇත. එය කෙටිකාලීන පමණක් නොව දිගුකාලීන, නම්‍ය, මුදල් ප්‍රවාහය කාර්යක්ෂම කරගැනීමට සහ ව්‍යාපාරික අවස්ථා සාර්ථක කරගැනීමට අරමුදල් සපයයි. අවශ්‍යතාවට ගැළපෙන, දැරිය හැකි සහ කාලෝචිත මූල්‍ය සේවා සඳහා ප්‍රවේශයක් නොමැති ගනුදෙනුකරුවන් සහ ව්‍යවසායන් සඳහා ඇසට්ලයින් සැම විටම විසඳුම් සැපයීමට පුරෝගාමී වී ඇත.
2003 වසරේ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සේවා සමූහය වන ඇසට්ලයින් දිවයිනේ ප්‍රමුඛතම විශේෂිත ලීසිං සමාගමකි. Asset Draft පිළිබඳ වැඩි විස්තර 0114700100 ඇමතීමෙන් හෝ www.assetline.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.