• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ආසිරි සෙන්ට්‍රල් රෝහල සිය පළමු ළමා හෘද සැත්කම සාර්ථකව සිදු කරමින් හදවත් සැත්කම් සම්බන්ධ සුවිශේෂ කඩඉමක් පසුකරයි! Sri Lanka Latest News

May 6, 2025
in Business
Reading Time: 4 mins read
A A
ආසිරි සෙන්ට්‍රල් රෝහල සිය පළමු ළමා හෘද සැත්කම සාර්ථකව සිදු කරමින් හදවත් සැත්කම් සම්බන්ධ සුවිශේෂ කඩඉමක් පසුකරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

 දශකයක කාලයක් පුරා සාර්ථකව හෘද සැත්කම් සිදු කර ඇති ආසිරි සෙන්ට්‍රල් රෝහලේ හෘද සත්කාර ඒකකය පසුගියදා ළමුන් සඳහා වන හෘද සැත්කම් වර්ගයක් වන සංජානීය හෘද රෝග සැත්කම් වැඩසටහන ආරම්භ කළේය.  Sri Lanka Latest News

මේ යටතේ සිදු කරන ලද පළමු Atrial Septal Defect (ASD) හෘද සැත්කම කොළඹ රිජ්වේ ආර්යා රෝහලට සහ ආසිරි සෙන්ට්‍රල් රෝහලට සේවය කරන විශේෂඥ හෘද උරස් ශල්‍ය වෛද්‍ය එම් එස් මුහුන්තන් මහතා (MBBS (Jaf), MD Surgery (Col), MRCS (Eng), MRCSEd) විසින් සිදු කෙරිණි.

 විශේෂඥ නිර්වින්දන වෛද්‍ය අසිත දසනායක මහතා (MBBS, MD) මෙම සැත්කම සඳහා සිය විශේෂඥතාවය සමඟින් දායකත්වය සැපයීය. මෙම සැත්කමේ වියදම, ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන සුරක්ෂා රක්ෂණ සැලසුම හරහා සිදු කෙරුණු අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදු වී තිබූ මෙම දරුවාටත්, විශේෂයෙන්ම හැකි ඉක්මනින් සැත්කම සිදු කරගැනීම සඳහා වෙහෙස වුණු දරුවාගේ දෙමාපියන්ටත් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මැදිහත් වීම සුවිසල් අස්වැසිල්ලක් විය. 

“ඉතා අසීරු කාලයක් පසු කරමින් ඉන්න අවස්ථාවකදී අපේ උපකාරයට ඉදිරිපත් වූ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ නිලධාරීන්ට අපි හදවතින්ම ස්තූතිය පුද කරනවා. අපේ කෘතඥතාවය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.” යැයි එම දෙමාපියෝ සිය අදහස් දක්වා සිටියහ. 

 සැත්කම් ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය මුහුන්තන් මහතා පැවසුවේ රජයේ සෞඛ්‍ය සේවය හරහා සැත්කම් සිදු කරගැනීමට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවන රෝගීන් හට කල් නොයවා සැත්කම් සිදු කරගැනීමට අවස්ථාව සලසන මෙම වැඩසටහන ඔවුන් හට විශාල සහනයක් වන බවයි. එමෙන්ම මෙම සැත්කම් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදු කරන ලද පළමු සංජානීය හෘද රෝග සැත්කම වුවද අත්දැකීම්වලින් පිරිපුන් රෝහල් කාර්යමණ්ලයේ දක්ෂතාවය නිසා එය ඉතා සාර්ථකව සිදු වූ බව වෛද්‍ය මුහුන්තන් මහතා පැවසීය. 

 ආසිරි හෙල්ත් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා ආසිරි හෙල්ත් සමූහයේ දැක්ම අනුව මෙසේ අදහස් දැක්වීය, “ආසිරි හෙල්ත් සමූහයේ මෙහෙවර ලෙස ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍යය සේවාවක් ලබා දීම මගින් ශ්‍රී ලාංකික මහජනතාවගේ ජීවිතවල කැපී පෙනෙන පරිවර්තනයක් සිදු කිරීමයි. රාජ්‍ය අංශය සමඟ සහයෝගීතාවයෙන් සිදු කළ මෙම සාර්ථක සැත්කම ඉදිරියේදීත් මේ ආකාරයේ සහයෝගීතාවයකින් අපේ රටේ උපකාර අවශ්‍ය පිරිසකට උසස් තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඉතා හොඳ අවස්ථාවක් විවෘත කර දීම ගැන අපි සතුටු වෙමු. එය ආසිරි හෙල්ත් සමූහයේ දැක්ම යථාර්තයක් බවට පත් කරගැනීමට අනගි සවියක් වනු ඇති”.

 ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිහාල් රත්නායක මහතා මෙසේ පැවසීය “සංජානීය හෘද රෝග සැත්කම් වැනි සේවාවක් ලබා දීමට හැකි වීම නිසා ආසිරි සෙන්ට්‍රල් රෝහලට ශ්‍රී ලාංකික දරුදැරියන්ගේ වටිනා ජීවිත රැසක් ආරක්ෂා කිරීමට අගනා අවස්ථාවක් ලැබී තිබෙනවා. සැබැවින්ම මෙය ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසින් හැඳින්විය හැකියි”. 

ආසිරි හෙල්ත් සමූහයේ සමූහ ව්‍යපාර සංවර්ධන ප්‍රධානී භාතිය ජයසිංහ මහතාද අදහස් දැක්වීමට එකතු වෙමින් පැවසුවේ “ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදු කෙරුණූ පළමු සංජානීය හෘද රෝග සැත්කම සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ රාජ්‍ය පෞද්ගලික අංශ සහයෝගීතාවය සාර්ථකත්වය පිළිබඳව හොඳම උදාහරණයක්. මෙම සහයෝගීතාවය හරහා රෝගියාට සහ පවුලේ සාමාජිකයින් හට මූල්‍යමය බරක් දැරීමකින් තොරව අත්‍යවශ්‍ය සැත්කම සිදු කරගැනීමටත්, රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි රජයේ රෝහල්වලට අත්‍යාවශ්‍ය සැත්කම් සඳහා සිය පොරොත්තු ලේඛන නිසියාකාරව කළමනාකරණය කරගැනීමටත්, ආසිරි සෙන්ට්‍රල් රෝහලට නවීන තාක්ෂණය යොදා ගෙන මේ ආකාරයේ සැත්කම සිදු කිරීම සම්බන්ධව ප්‍රමුඛත්වයක් අත්පත් කරගැනීමටත් අවස්ථාව උදා වූ ආකාරය දැක්විය හැකියි. ඒ අර්ථෙයන් ගත්කළ මේ සැත්කම සියළු දෙනාටම ජයග්‍රහණය හිමි කරදුන් සැත්මක් වේ. මෙම සැත්කමට අදාළව සම්පත් සම්බන්ධීකරණය, ක්‍රියාවලීන් කාර්යක්ම කරගැනීම, ළමා රෝගියා වෙනුවෙන් අවශ්‍ය සත්කාර ඉක්මනින් ලබා දීම වැනි කටයුතු සඳහා දැවැන්ත උත්සාහයක් දැරීමට සිදු වුණා. නමුත් සැත්කමේ සාර්ථකත්වය ඒ සියළු උත්සාහයන් ගැන අපට විශාල තෘප්තියක් ලබා දෙන බව පැවසිය යුතුයි”. 

ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මෙම පළමුවන සැත්කම සිදුකිරීම මගින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සම්බන්ධයෙන් මෙරට පවත්නා අභියෝගයන් ජයගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවය පිළිඹිබු වෙයි. සෞඛ්‍ය සේවාවේ මූලික අරමුණක් වන ජීවිත බේරා ගැනීමෙන් ඔබ්බට ගොස් උපකාර අවශ්‍ය පවුල්වලට නව බලාපොරොත්තුවක් සමඟ අවශ්‍ය උපකාර ලබා දීම ද මේ ඔස්සේ සිදු වේ. සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය සැලසීම සහ ඊට පහසු ප්‍රවේශයක් ලබා දීම යන සාධක එකිනෙකට යා කරන ආසිරි සෙන්ට්‍රල් රෝහල ඉදිරියටත් නව්‍යකරණය, මනුෂ්‍යත්වය සහ සමාජයේ යහපත වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමට සූදානමින් සිටියි. 

 ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සංජානීය හෘද රෝග සැත්කම් වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වීම හරහා ප්‍රතිකාර අවශ්‍ය බොහෝ දරුවන් හට ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සැත්කම්/ප්‍රතිකාර සිදු කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ සාධනීය වෙනසක් සිදු කිරීම සඳහා කැපවන ආසිරි සෙන්ට්‍රල් රෝහල ප්‍රමුඛ ආසිරි රෝහල් සමූහයේ මෙහෙවරට මෙය හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

SendShareShare
Previous Post

සජිත් යුරෝපා සංගම් නියෝජිතයන් හමුවෙයි! GSP+ සහනය ගැන ට්‍රම්ප් ගහපු තීරු බද්ද ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අගමැති හරිනි කියපු විදිහට ‘ෂේප් එකේ’ ප්‍රසිද්ධියේම ඡන්ද නීති කඩපු මාලිමා රාජ්‍ය සේවකයෙක් අතේ මාට්ටු! වීඩියෝවත් එක්කම පොලිසියට මාට්ටු කරලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.