අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

ජාතියේ අනාගතය වන ශ්‍රී ලාංකේය දරු දැරියන් හට ජීවිත අභියෝගයන් සහ විවිධාකාර විපත්වලින් ආරක්ෂිතව, සුරක්ෂිත පරිසරයක හැදී වැඩීමට අවකාශ තිබිය යුතු බව අලියාන්ස් ලංකාහි විශ්වාසයයි. අලියාන්ස් ශ්‍රී ලංකා ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන එක් අංශයක් වන්නේ දරු දැරියන් සඳහා තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා සහයෝගය ලබාදීමයි. මෙම කර්තව්‍යයේදී අපගේ අවධානය යොමු වූ කරුණක් වූවේ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි දරු දැරියන් ගණනාවක් ආරක්‍ෂිත හිස්වැසුම් පැලඳීමකින් තොරව යතුරුපැදිවල පසුපැදිකරුවන් ලෙස ගමන් කිරීම වර්ධනය වන බවය.

ශ්‍රී ලංකාවේ මගා මාර්ගයන්හි, දරු දැරියන් අවදානමට ලක්විය හැකි කණ්ඩායමක් වන බව වටහා ගත් අලියාන්ස් ලංකා විසින්, දරු දැරියන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම උදෙසා වන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලදී. දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස් වැසුම් 1,200 පරිත්‍යාග කිරීම තුළින් අලියාන්ස් ලංකා මෙම අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව දිවයින පුරා ස්ථාන 24කදී 2022 නොවැම්බර් මස 23, 25 සහ 28 යන දිනයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස්වැසුම් පරිත්‍යාග කිරීම සිදුවිය. මෙම ප්‍රයත්නය තුළින් අලියාන්ස් ලංකාහි සමාජමය ක්‍රියාවලීන් වෙත දායකත්වය ලබාදීම සිදුවන අතරම එමගින් සමාජ අන්තහ්කරණය සහ සමාජ අභිවෘද්ධිය ළඟා කරගැනීමට බලාපොරොත්තු වේ.

Exit mobile version