අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වී සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂ බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය.
මෙමගින් ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත තම රක්ෂණ සේවා විසඳුම් සමීප කරවීමට අලියාන්ස් ලංකා සමාගමට හැකිවන අතර, මෙය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ රාශියක් හිමිකර දෙන එකඟතාවක් වනු ඇත. වසර 3ක කාලයක් පුරා දිවෙන මෙම හවුල්කාරීත්වයට ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු සාමන්‍ය රක්ෂණ හවුල්කාරීත්වය බවට පත්වීමේ හැකියාව පවතී. මෙම ගිවිසුම යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අලියාන්ස් ලංකා සමාගමේ මෝටර් රථවාහන රක්ෂණ සහ අනෙකුත් රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔවුන්ට විශේෂ වාරික අනුපාත සහ තවත් ප්‍රතිලාභ හා වරප්‍රසාද රාශියක්ද හිමි වනු ඇත.
අලියාන්ස් ලංකා සමාගමේ රථවාහන රක්ෂණ හිමියන්ට රථවාහන සඳහා පුළුල් ආවරණයක් සමග රු. මිලියන 5ක් වටිනා පෞද්ගලික හදිසි අනතුරු ආවරණයක් වැනි විශේෂ ප්‍රතිලාභ එකතුවක්ද, නොමිලේ ගංවතුර සහ ස්වාභාවික අනතුරු ආවරණ, ලීසිං/හයර් පර්චස් ගිවිසුම්, එයාර් බෑග් ආවරණ සහ කුලී රථ වියදම් ප්‍රතිපූරණය ඇතුළු සම්මත ප්‍රතිලාභ රාශියක්ද හිමි වේ. මීට අමතරව හදිසි ප්‍රතිකාර වියදම්, රථවාහන වීදුරු ආවරණය, රථයේ ගමන් කරන දරුවන් සඳහා රැකවරණය, භාණ්ඩ ආවරණයක්, හදිසි අනතුරකදී ලීසිං වාරික සහ නවාතැන් වියදම් ප්‍රතිපූරණය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්ද ඔවුන්ට හිමිවනු ඇත.