මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ක්ෂේත්‍රයක සිදුව ඇති දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් රටට තොරතුරු අනාවරණය කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
හෙට දහවල් 12ට මෙම හෙළිදරව්ව සිදු කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
ඊට අදාළ සියලු ලිපිගොනුද මෙහිදී රටට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා තීරණය කර ඇති බව පැවසේ.
මේ දිනවල වැඩිපුර කතාබහට ලක්ව ඇති ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් සිදු කරන මෙම හෙළිදරව්වේදී බොහෝ දෙනා පුදුමයට පත්වන කරුණු රැසක්ම අනාවරණය වනු ඇති බවද දැනගන්නට ඇත.