AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,Adapt Information Technologies (AIT) සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සාමාජිකයින් හට නොබෝදා සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබාදෙන ලදී.
මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන් හට පැන නගින ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු කෙරේ.
Covid-19න් පසු ලොව වෙත පියනගන අවස්ථාවේ, අපගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව රැකබලා ගැනීම ඉතා වැදගත් කරුණක්. තම සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම වෙන කවරදාකටත් වැඩියෙන් අවශ්‍ය වෙන මෙම කාලයේ දී AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්, AIT සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයින් හට ඔවුන් විශ්‍රාම ගිය පසුවත් ඔවුනට සෞඛ්‍ය රැකවරණය සපයන අසමසම ප්‍රතිලාභ සහිත පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් නිර්මාණය කර දී තිබෙන්නේ ඒ නිසාමයි.
මෙම සැලසුම නිර්මාණය කර ඇත්තේ වයස අවු. 70 වනතුරු සෞඛ්‍ය වියදම් ආවරණය කිරීමට සහ වරය කල්පිරීමේ දී වයස අවු. 70වෙන් පසුවත් මෙම සාමාජිකයින් හට සිය සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට හැකිවනු සඳහා සෞඛ්‍ය අරමුදලක් ද හිමිවෙන අයුරිනි.