කොවිඩ් එන්නත් තවත් ලක්ෂ 45ක් ඉන්දියාවෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මේ මස අවසානයේ මෙරටට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් සිල්වා මහතා මව්රටට පැවසීය.
එම එන්නත් තොගයෙන් ලක්ෂ 15ක් ඉන්දියාවෙන්ද, තවත් ලක්ෂ 30ක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද ලැබීමට නියමිතය. මේ අතර රුසියානු ඖෂධය ලබා ගැනීමට අනුමැතිය ඉල්ලා ඖෂධ නියාමන අධිකාරියට අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රේමලාල් විජේරත්න










