ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සහ ලොව විශාලතම ශිෂ්‍ය සංවිධානයක් වන AIESEC, ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශ රටවලදී රැකවරණය සැලසීම සඳහා රක්ෂණ සැලසුම් ප්‍රවර්ධනය කිරීමේ හවුල්කාරිත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය.
මෙම හවුල්කාරිත්වය යටතේ, AIESECසංවිධානය හරහා විදේශ රටවල ස්වේච්ඡා ව්‍යාපෘති සහ පුහුණු වැඩසටහන් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් වෙතින් විශේෂ මිල ගණන් යටතේ සංචාරක රක්ෂණ ලබාගත හැකි වේ.
AIESEC සංවිධානය මේ වන විට මෙරට තුළ මොරටුව, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, පේරාදෙණිය, රුහුණ, SLIIT සහ NSBM යන විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වේ.











