ජාත්‍යන්තර වෙළෙඳ සේවා සැපයුම් ක්ෂේත්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව මැනවින් විදහා දක්වමින් මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී හා ඒෂියාමනී සඟරා විසින් අඛණ්ඩව තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ “හොඳම වෙළෙඳ මූල්‍ය සේවා සපයන්නා ලෙසත් ඒෂියාමනී සඟරාව විසින් ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා’ ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයට පාත්‍ර කර තිබීම කැපී පෙනෙයි.
මේ වසරේ සම්මාන උළෙලේදී බැංකුවේ විශිෂ්ට කාර්යසාධනය පෙන්නුම් කරමින් 2019 හා 2020 වසරවල මෙරට ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා’ ලෙස යුරෝමනී සඟරාව විසින් HNB ඇගයීමට ලක් කළ අතර එමගින් ස්ථාවර මූල්‍ය සේවා විශිෂ්ටත්වයේ බැංකුවේ අද්විතීයත්වය සනාථ කරයි.











