2019 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 32.1ක් දක්වා ශක්තිමත් ලෙස වර්ධනය වී තිබෙන අතර සමාගමේ ආදායම් වර්ධනය පෙර වසරට සාපේක්ෂව 9.9%ක් වී තිබේ.
මෙරට ජීවිත රක්ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙම මූල්‍ය වසරේදී දළ රක්ෂණ වාරික ආදායම ලෙස රුපියල් බිලියන 18.7ක මුදලක් රැස්කර ගැනීමට සමත්ව තිබෙන අතර එය 2018 වසරට සාපේක්ෂව 5%කින් හෙවත් රුපියල් මිලියන 906ක වර්ධනය වීමකි. මේ අතර, ආයෝජන ආදායම සහ අනිකුත් ආදායම් රුපියල් බිලියන 13.4ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 17.5%ක වර්ධනයකි.











