සෙලාන් බැංකුවේ 33 වන මහසභා රැස්වීම 2020 ජුනි මස 24 වනදා විද්‍යුත් මාර්ගයෙන් පරිපූර්ණ වූ මහසභා රැස්වීමක් ලෙස සාර්ථකව පැවැත්විණි. මින් පෙර එම මහසභා රැස්වීම 2020 මාර්තු මස 30 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් රටේ පැවති වාතාවරණය මත එය කල් දැමීමට සිදු විය. Covid-19 වසංගතයට එරෙහිව බලධාරීන් විසින් නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුකූල වෙමින් සියලුම පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහසභා රැස්වීම ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට තීරණය කෙරිණි.
සෙලාන් බැංකුව අනාගතයට ඔබින පරිදි සිය මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමේ පුරෝගාමී බැංකුවකි. වීඩියෝ සන්නිවේදන යෙදවුමක් හරහා කිසිදු බාධාවකින් තොරව සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේ සිට සජීවීව කොටස්හිමියන් වෙත මහසභා රැස්වීම විකාශය කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මහසභා රැස්වීමට සහභාගි වූවන් සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමටත්, යෝජනා සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබා දීමටත් කොටස් හිමියන් හට මෙහිදී හැකි විය.
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, සිය වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබාදීමේ දැක්මෙන් යුතුව කටයුතු කරන අතර නව තාක්ෂණය, නවෝත්පාදන සේවා සමඟින් මෙරට බැංකුකරණ ක්ෂේත්රයේ මිනුම් ලකුණක් සනිටුහන් කිරීමට සමත්ව සිටී. සෙලාන් බැංකුවේ සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.seylan.lk වෙබ් අඩවියට පිවිසෙන්න. නැතිනම් 0112 0088 88 අංකයෙන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.











