ශ්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR ගෙවීම් පද්ධතිය ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩසටහනට සමගාමීව සීතා සමූහ ව්‍යාපාරයේ අලෙවිසැල්වලින් ComBank Q+ ගෙවීම් ඇප් පහසුකම හරහා LANKAQR ගෙවීම් සිදුකිරීමේ අවකාශය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇත.
ඩිජිටල් ගෙවීම් හා පියවීම් පද්ධතියට නවමු අත්දැකීමක් එක් කරමින් සීතා සමූහ ව්‍යාපාරය තුළ කොමර්ෂල් බැංකුව විසින් යාවත්කාලීන කරන ලද ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ පොයින්ට්-ඔෆ්-සේල් යන්ත්‍ර (POS Terminals) පද්ධති ස්ථාපනය කර ඇති බව බැංකුව සඳහන් කරයි. එම පද්ධතිය මගින් කාඩ්පත් ගෙවීම් මෙන්ම QR කේත ක්‍රමය මත පදනම් වූ ගෙවීම්ද පිළිගැනීමේ පහසුකම ලබාදී ඇති අතර, ඒ හරහා වෙළෙඳ ආයතන මෙන්ම මුදල් අයකැමිවරුන්ටද අමතර කාර්යයකින් තොරව ඉහත සියලුම සේවාවන් එක් යන්ත්‍රයක් හරහා ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.