• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

පොලිසිය ඇතුළේ ‘මොසාඩ්’ ගේමක්: පොලිස්පති පුටුව පෙරළෙයිද? CID SPECIAL

April 11, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
පොලිසිය ඇතුළේ ‘මොසාඩ්’ ගේමක්: පොලිස්පති පුටුව  පෙරළෙයිද? CID SPECIAL
Share on WhatsAppShare on Facebook

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න එම තනතුරට පත්වන්නේ පොලීසියේ බහුතරයක් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය ඇතිවය. ඒ පොලීසිය තුළ යම් වෙනසක් ඔහු විසින් කරනු ඇතැයි කියාය. එදා ඔහු පොලිස්පති ධුරයට පත්වන විට ඔහුගේ කකුලෙන් ඇදි පිරිසක්ද සිටියහ. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙක්ද සිටියහ. ඒ අය උත්සහ ගත්තේ සී.ඩී.ගෙන් පොලිස්පති කිරුළ උදුරා ගන්නටය. දේශපාලනඥයන්ට සී.ඩී. ගැන නැති වැරදි ගොතා තඩි බොරු ඇද බෑවේය. ඇතැම්හු සී.ඩී.ට එරෙහිව පෙත්සම් ගොන්නක්ම යවන්නට හැකි සෑම තැනකටම යැවූහ. ඒ අතර ඔහුගේ උපාධිය පවා ඒ අය අභියෝගයකට ලක්කර තිබුණේය. එහෙත් ඒ සියලු බලවේග පරදා සී.ඩී. පොලිස්පති පුටුවේ අසුන්ගත්තේ වසර එකහාමාරක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බලා ඉතිහාසයටද එක්වෙමිනි.

සී.ඩී. පොලිස්පති ධුරයට පත්ව තවමත් වැඩි කාලයක් ගතවී නැත. සතුරු බලවේග අදටත් ක්‍රියාත්මකය. සී.ඩී.ට එරෙහි බලවේග සී.ඩී. පොලිස්පති වන විට කීවේ ඔහුට ඒ තනතුර මාස හයකට වඩා දරන්නට බැරිය යැයි කියාය. මාස හයෙන් පසු පොලිස්පති වන්නේ තමා යැයි පාරම්බෑ නිලධාරින්ද ඒ අතර විය.

අද වන සියල්ල පවතින්නේ කනපිට පෙරළෙමිනි. මාස හයේ කථාව සැබෑවක් වන පෙරනිමිති මේ වන විට පෙනෙන්නට ඇත්තේ සී.ඩී.ට එරෙහිව පොලීසිය ඇතුළේ ලොකු බලවේගයක් ගොඩ නැගෙමින් ඇති නිසාය. ඒ සී.ඩී. නිසාම නොවේ. අද වන විට සී.ඩී. ලොකුකරගෙන සිටින කළු පුතා සහ සුදු පුතා යැයි පොලීසිය තුළ කුප්‍රකට චරිත දෙක නිසාය. මේ චරිත දෙක සී.ඩී.ගේ මොළ හෝදා හමාර බව පොලීසිය ඇතුළෙන්ම කියැවෙන කතාවකි. අද සැබෑ පොලිස්පති සී.ඩී. නොවන බවටත්, පොලීසිය පාලනය කරන්නේ පුතාල දෙන්නා බවටත් දැඩි මතයක් පොලීසිය ඇතුළේ ගොඩනැගෙමින් ඇත්තේ සී.ඩී.ගේ ගෙල ඔහුටම නොදැනෙන්නට කැපීමට ලක්වෙමිනි.

පොලීසියේ බහුතරයකටම මේ පුතාලා දෙන්නව පෙන්වන්නට බැරිය. පුතාලා ලොකු කරගෙන සිටින නිසාම සී.ඩී. කෙරෙහි ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. පොලීසියේ උසස්වීම්, ස්ථාන මාරුවීම් මෙන්ම පොලීසියේ නිලධාරීන්ට වාහන ඇතුළු වරප්‍රසාද ලබාදීම් සම්බන්ධයෙන් අවසාන තීන්දුව ගන්නේ යැයි කියන්නේද මේ පුතාලා දෙන්නාය. පොලීසිය භාර අමාත්‍යාංශයෙන් කෙරෙන ඉල්ලීම්වලට පවා ඇහුම්කන් දෙන්නට ඉඩ නොතබමින් පොලිස්පතිවරයා සහ අමාත්‍යාංශය අතර විරසක භාවයක්ද මේ පුතාලා දෙන්නා ඇතිකරන බවද කියති. මේ තත්වය කොතරම් උඩුදුවා තිබේදැයි කියතොත් මේ වන විට සී.ඩී. සම්බන්ධයෙන් ඉහළ දේශපාලන අධිකාරිය පවා සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ. තවදුරටත් මේ තත්වය පැවතියහොත් සිදුවන්නේ මේ වසර අවසන් වන්නට මත්තෙන් සී.ඩී.ගේ කිරුළ ගැලවී යාමය. එය රැක ගැනීමට සී.ඩී.ට ඇති හොදම අවස්ථාව වන්නේ මේ පුතාල දෙන්නව වසරක් දෙකක් ඈත්කර තැබීමය. එසේ වුවහොත් සී.ඩී.ට හයියක් වන්නට නිලධාරීන් ඕනෑ තරම් පෙළ ගැසෙන්නට මේ වන විටත් සිටින්නේ සූදානමිනි.

දේශපාලන පළිගැනීමට එරෙහිව මොෂාඩ් ගේම

යහපාලන ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන පොලීසියේ නිලධාරීන් 88 දෙනෙකුට සහන සැලසීම සදහා ඒ අයට උසස්වීම් ලබාදීමට කළ නිර්දේශ ඇතුලත් වාර්තාව තවමත් කැබිනට්ටුවට ඉදිරිපත්කරන්නට හැකියාවක් ලැබී නැත. ඇමති ගාමිණි ලොකුගේ විසින් සභාපතීත්වය දරන ලද කමිටුවක් විසින් දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සලකා බලා තෝරාගත් නිලධාරීන් 88 දෙනෙක් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. ඒ අය අතර යහපාලන ආණ්ඩුව පැවැති සමයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් දේශපාලන පළිගැනීම් වලට ලක්වූ’බව කියා අභියාචනා ඉදිරිපත් කළ අයද නොසිටියාම නොවේ. එසේම හොර අඹු සිදුවීමක් හේතුවෙන් විවාහක බිරියගේ ඉල්ලීම මත නිවසට කිට්ටු ප්‍රදේශයකට ස්ථාන මාරුවීමක් ලබාදීමක් දේශපාලන පළිගැනීමක් යැයි කියා උසස්වීම් ලබන්නට අභියාචනා ඉදිරිපත් කළ නිලධාරියෙක්ද සිටියේය. මෙවැනි කිහිප දෙනෙක් හැරුණු කොට සැබෑ ලෙසම යහපාලන ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් රැසක්ම එම ලැයිස්තුවේ සිටියේය. එම ලැයිස්තුවේ සිටින බොරුකාරයන් නිසා මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ඇත්තේ කැළඹීමකි.

කැබිනට්ටුවට ඒ ලැයිස්තුව ඉදිරිපත් කර සැබෑ ලෙසම දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන්ට සහනයක් ලබාදීමට ආණ්ඩුවට තවමත් නොහැකි වී ඇත්තේ එබැවිනි. පොලිස්පතිවරයා පවා එම ලැයිස්තුවේ ඇති ගැටලු පෙන්වා දී ඇත්තේ බොරුකාරයන් කවුරුන්දැයි හඳුන්වා දෙමිනි. මේ නිසාම එම ලැයිස්තුව නැවත සලකා බලමින් එය 52 දක්වා අඩුකර ඉකුත් 04 වෙනිදා සිව්වැනි වරටත් කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට පිඹුරුපත් සකස් කළේය. ඒ බව කල්තියාම දැනගත් ඊට එරෙහිව පෙළ ගැසී සිටින පොලිස් නිලධාරීන් පිරිසක් මොසාඩ් වර්ගයේ ගේමක් ගැසුවේ කැබිනෙට්ටුවෙන් එම දේශපාලන පළිගැනීම් ලැයිස්තුව විසිවන්නටය. ඒ මෙහෙයුම සංවිධානාත්මකව සිදුවූවකි.

ඊට නායකත්වය ගන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකි. ඔවුන් මුලින්ම කරන්නේ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ සිටින නිලධාරීන් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තාවන් සකස් කර ඒ අය පොලීසියට බැදුණු දින සිට මෙතෙක් උසස්වීම් සහ ස්ථාන මාරුවීම් ලබා ඉහළට පැමිණි අයුරු සටහන් තැබීමය. එහිදී ඒ නිලධාරීන්ගේ සැබෑ දේශපාලන භුමිකාව ගැන පවා තොරතුරු ඇතුළත් කරන්නට අමතක කර නැත. සැබෑ ලෙසම එම නිලධාරීන් දේශපාලන පළිගැනීමකට ලක්වූයේද යන්න ගැන පවා ඒ තුළ පැහැදිලි තොරතුරු ඇතුළත්කර මෙවන් නිලධාරීන්ට උසස්වීම් හෝ වෙනත් වරප්‍රසාද දේශපාලන පළිගැනීම් යැයි කියා ලබාදීමක් කළහොත් පොලීසිය කඩා වැටීමකට ලක්වන බව ඉතා පැහැදිලිවම එහි ඇතුළත් කළේය. එසේම එහි පැහැදිලිවම යම් සටහනක් තබන්නේ එය ආණ්ඩුව බිද වැටීමකට පවා මුල්වනු ඇති බවටය.

මේ ලියැවිල්ල කැබිනට්ටුව නියෝජනය කරන සෑම ඇමතිවරයෙකුටම පාහේ ලැබෙන්නට සැලසූ මේ කණ්ඩායම දෙවැනි මෙහෙයුම දියත් කරන්නේ එම ඇමතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් හරහාය. ඒ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ ආදීනව ගැන ඇමතිවරුන් දැනුවත් කර ඊට එරෙහි වීමට ඒ අයව පොළඹවන ලෙසටය. ඒ අතර මෙම පළිගැනීම් ලැයිස්තුව ක්‍රියාත්මක වුවහොත් ආණ්ඩුව කෙරෙහි පොලීසියේ විශ්වාසය බිඳ වැටී එය ආණ්ඩුවේ පැවැත්මට බලපානු ඇතැයි පෙන්වා දෙමින් බුද්ධි අංශ මගින් බලධාරීන්ට වාර්තාවත් නිකුත්කරන්නට පවා මේ නිලධාරීන් සූක්ෂම විය.

එදා 04 වෙනිදා කැබිනට්ටුවට ඉදිරිපත් කරන්නට සූදානම් වූ දේශපාලන පළිගැනීම් ලැයිස්තුව හතරවැනි වරටත් විසිවන්නේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ඇමතිවරුන්ගේ දැඩි විරෝධයක් එල්ලවන්නට පටන් ගැනීමත් සමගිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා ඒ ගැන හොදින් දැන සිටි බැවින් එම පළිගැනීම් ලැයිස්තුව කැබිනට්ටුවට රැගෙන පැමිණි ඇමතිවරයාට එදා තදින්ම “මම ඕක දන්න නිසා තමයි ගේන්න එපා කීවේ. ආයිත් ඕක පැත්ත පළාතේ ගේන්න එපා“ යැයි කියන්නේ එබැවිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

සීතා සමූහ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට LANKAQR ගනුදෙනු කිරීමේ පහසුකම්

Next Post

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත වෙයි

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.