හැට වසරකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලංකාවෙහි ස්ථාපිත ආයතනයක් වුණු සිංගර් ෆැෂන් ඇකඩමිය, මේ වන විට මෝස්තර නිර්මාණ හා ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයෙහි නිරත සාර්ථක ව්‍යාපාරිකයන් රැසක් රටට බිහි කර තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළව සිය කැමැත්ත පරිදි වෘත්තීය සුදුසුකම් සපුරා ගනිමින් ජීවිතය ජය ගැනීම පිණිස දියුණු වන ව්‍යාපාර ගොඩ නංවා ගැනීමට සිංගර් ෆැෂන් ඇකඩමිය අවස්ථා උදා කරදෙයි.
ඩිප්ලෝමා පාඨමාලා 03ක්, සහතික පත්‍ර පාඨමාලා 08ක් හා කෙටි කාලීන පාඨමාලා 11ක් ඇතුළුව, විවිධ පාඨමාලා 20කට අධික සංඛ්‍යාවක් සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් පිරිනැමේ.
සිංගර් ෆැෂන් ඇකඩමිය, බි්‍රතාන්‍යයේ Chartered Society of Designers (CSD) මගින් ඇගයීමට ලක්වන සහතික පත්‍ර පිරි නැමෙන එකම දේශීය ආයතනය ලෙසින්ද, නමක් දිනාගෙන තිබේ. එම ඇගයීම සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් පවත්වන මෝස්තර නිර්මාණ සහතික පත්‍ර පාඨමාලාව, විද්‍යාත්මක ඇඳුම් නිර්මාණ සහතික පත්‍ර පාඨමාලාව, මැෂින් එම්බ්‍රොයිඩර් සහතික පත්‍ර පාඨමාලාව, සාරි හැට්ට නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව, විද්‍යානුකූල ඇඳුම් නිර්මාණකරණ ඩිප්ලෝමා පාඨමාලාව හා මැෂින් එම්බ්‍රොයිඩර් ඩිප්ලෝමා පාඨමාලාව ආදියට හිමි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු [email protected] යන ඊ මේල් ලිපිනය හරහා ලබා ගත හැකිය.