සිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ අඛණ්ඩව නව වැනි වරටත් නවතම විශේෂාංග රැසක් සමඟින් සිය ආදරණීය පාරිභෝගිකයන් වෙත නොවැම්බර් මස 22 සිට 24 දක්වා තෙදින පුරා BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාව නව මඟකට යොමු කරන සොඳුරු වෙනසට දොරටු විවර කරන ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ වෙළෙඳ ප්‍රදර්ශනය තුළින් ලොව විශිෂ්ටතම වෙළෙඳනාම යටතේ එළිදැක්වුණු විවිධ වර්ගයේ සහ විවිධ මාදිලියේ භාණ්ඩ දහස් ගණනක හෙට ලොව දිනන තාක්ෂණික විප්ලවය එකම ස්ථානයකදී දැක බලා අත්විඳ මිලදී ගැනීමේ අවස්ථාව සියලු ශ්‍රී ලංකා වාසීන්ට උදා කරදී ඇත.