හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ සිටි 2500ක කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි 250 දක්වා අඩුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
පසුගිය කාල වකවානුව පුරා විවිධ ව්‍යාපෘතිවලට බදවා ගන්නා බව කියමින් අති විශාල පිරිසක් නිකරුණේ ජනපති කාර්ය මණ්ඩලයට බදවාගෙන තිබුණු අතර ඇතැමුන්ට කිසිදු රාජකාරියකින් තොරව වැටුප් ගෙවා ඇති බවද වාර්තා වී තිබිණ.
මීට අමතරව ගමන් බිමන් යාමේදී සිය නිලවාහන සංඛ්‍යාව 4 දක්වා අඩු කිරීමටද, පාරවල් වසා දමා ජනතාව අපහසුතාවයට ලක් නොකිරීමටද ජනාධිපතිවරයා තීන්දු කර ඇත.