ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරැකීම’ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 12 වැනිදා ක්‍රියාත්මක කරන ලද අතර, මේ යටතේ දිවයින පුරා විසිරුණු දුෂ්කර පාසල් 100ක් අලුත්වැඩියා කරන ලදී.
මෙම ව්‍යාපෘතිය මගින් මෙම පාසල් 100හි යටිතල පහසුකම් දියුණු කිරීම, පාසල අලුත්වැඩියා කිරීම, ගොඩනැගිලි, මේස, පුටු පින්තාරු කිරීම සහ අවශ්‍ය වෙනත් පහසුකම් සැලසීම සිදුකරන ලද අතර, ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ගේ පාසල්වල ප්‍රසන්න පරිසරයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළ නංවාලීම මෙහිදී අරමුණ කරගෙන තිබේ.