තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට සූදානමින් සිටින බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය සාගල රත්නායක මහතා අවධාරණය කර ඇත.
ඒ මහතා මේ බව අවධාරණය කර ඇත්තේ පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මුණගැසී තමන් ගෝඨාභය මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිවරයා මහනාහිමිවරුන්ට කියා ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවී ඇති පුවතකට පිළිතුරු වශයෙනි.
එහිදී වසන්ත සේනානායක මහතාගේ බාගයක් දැනටමත් ගෝඨාභයට පැමිණ ඇති බව එහිදී සදහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා හෙට අනිද්දාම සාගල රත්නායක මහතා පොහොට්ටුවට එක් වනු ඇති බවද සදහන් කර තිබූ බවට මාධ්‍ය වාර්තා පළ කොට තිබිණ.