සිංගර් සහ Huawei එක්ව සිංගර් ප්රදර්ශනාගාර තුළින් මිලදී ගන්නා නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ලැප්ටොප් මාදිලි සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමේ වැඩසටහන අතිසාර්ථක දෙවන වතාවටත් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් දුරකථනයන් හෝ නවතම ලැප්ටොප් මාදිලි මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසු වන ඕනෑම අයෙකුට සැප්තැම්බර් 30 දක්වා මෙම සුවිශේෂී මිල අඩු කිරීම් සහ දීමනා අත්විඳීමට අවස්ථාව හිමි වේ.
7.5%ත් 20%ත් අතර ප්‍රමාණයේ විශාල වට්ටම් රැසක් මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයා වෙතට ලබාදේ. මෙහිදී නවතම Huawei ලැප්ටොප් සඳහා සියයට 20ක වට්ටම්, ටැබ් සහ midrange හෝ entry level ස්මාර්ට් දුරකථන සඳහා සියයට 7.5 වට්ටම් ප්‍රමාණයක් හිමි වීම විශේෂත්වයකි.
3’9-inch LTPS display සහ multi touch සහිත, 10th Gen Intel Core™ i7 ප්‍රොසෙසරය, 16GB RAM + 1TB storage සහ NVIDIA® GeForce® MX250 ග්‍රැෆික්ස් සමඟින් එන නවතම Huawei MateBook X Pro, 13-inch IPS display සහ multi touch සහිත Intel Core I5 version සමගින් එන 16GB RAM + 512GB SSD සහ GeForce® MX250 ග්‍රැෆික්ස් සහිතHuawei MateBook D 13, 13-inch IPS display, AMD Ryzen™ 5 3500U ප්‍රොසෙසරය, 16GB RAM + 512GB SSD iy Radeon™ Vega 8 ග්‍රැෆික්ස් සහිත Huawei MateBook D 13 AMD, 15’6- inch IPS display, AMD Ryzen 5 3500U ප්‍රොසෙසර්, 8GB RAM + 256GB SSD + 1TB SSD සහ Radeon™ Vega 8 ග්‍රැෆික්ස් සහිත Huawei MateBook D 15 යන ලැප්ටොප් මාදිලි මෙම සුවිශේෂී වට්ටම්වලට යටත්ව මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වේ.











