ඉතිහාසයේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් නොබෝදා ලංකාටයිල්ස්, කාර්තු වශයෙන් පළවන සිය නවතම සඟරාව වන “The Fine Art of Living” එළිදැක්වීය. ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉන්ටීරිය නිර්මාණ ශිල්පීන්, නිර්මාණාත්මක පෙලඹවීම් සොයන සිසුන්, නිවාස හිමියන් සහ තමන්ගේ ජීවන අවකාශයන් සඳහා වෙළෙඳපොළේ ඇති හොඳම නිෂ්පාදන අපේක්ෂා කරන අනාගත නිවාස හිමියන් ඉලක්ක කර ගත් ගුණාත්මක ප්‍රකාශනයක් වන මෙම “The Fine Art of Living” සඟරාවේ, දේශීය හා ගෝලීය නිර්මාණාත්මක ප්‍රවණතා, යමක් තමන් විසින්ම කර ගැනීම සඳහා උපකාරක උපදෙස් සහ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පීන් හා නිර්මාණකරුවන්ගේ විශේෂාංග ලිපි ඇතුළත් වේ.
තද වර්ණ, දීප්තිමත් වර්ණ, මූලික වර්ණ පැහැයන් මනා සංකලනයකින් භාවිත කර ඒ සියල්ල නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය, නිර්මාණාත්මක පෙලඹවීම සහ නිර්මාණකරණය යන ප්‍රධාන තේමා හතරක් යටතේ ඉදිරිපත් කර ඇත.